Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

10th April 2024 12:48:46 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු තෝරාගත් යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් අතර වියළි ආහාර සලාක පාර්සල් 400 ක් බෙදාදීමේ වැඩසටහනක් 2024 අප්‍රේල් මස 08 දින යුද්ධ හමුදා සේවා වනිතා කාර්යාලයේදී ක්‍රියාත්මක කරනු ලැබීය. යුද්ධ හමුදා සාමාජිකයින් මුහුණදෙනු ලබන ආර්ථිකමය දුෂ්කරතාවයන් වෙනුවෙන් සහන ලබාදීමේ අරමුණින් සිංහල හා දමිළ අලුත් අවුරුදු සැමරුමට සමගාමීව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් ප්‍රතිලාභීන් වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා ‍යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.