Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th April 2024 13:03:11 Hours

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් ත්‍යාග බෙදා දීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාව මගින් සිංහල දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් 2024 අප්‍රේල් මස 06 දින එම රෙජිමේන්තුවේ සේවයේ නියතු සිවිල් සේවක මහතුන් වෙනුවෙන් ත්‍යාග සහිත ඇසුරුම් බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ

සභාපතිනි වජිරා පෙරේරා මහත්මිය විසින් ත්‍යාග බෙදා දෙන ලදී.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ.