Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th April 2024 16:19:22 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ අධීක්‍ෂණය යටතේ, යුද්ධ හමුදා සේවා බලකයේ භටපිරිස් විසින් 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිශන් නොලත් නිලධාරියෙකුගේ විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සඳහා ඉදිකරන ලද නාන කාමරය පසුගිය සෙනසුරාදා (මාර්තු මස 02) දින එම පවුල වෙත භාර දෙනු ලැබීය.

මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ මූල්‍ය දායකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී චන්දි රාජපක්‍ෂ මහත්මියගේ අධික්‍ෂණය යටතේ ව්‍යාපෘතිය සිදුකරන ලදී.

මෙම අවස්ථාවට යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ