Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th April 2024 15:05:06 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අභිමංසල - I සුවතා නිකේතනයේ සංචාරයක

රණක්‍ෂිතයට පත්ව නේවාසිකව ප්‍රතිකාර ලබන වීරෝදාර රණවිරුවන්ගේ සුවදුක් විමසීමේ අරමුණින් 2024 මාර්තු 02 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් අනුරාධපුර පිහිටි අභිමංසල - I සුවතා නිකේතනයේ සංචාරයක නිරතවූහ.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි චන්දි රාජපක්‍ෂ මහත්මියගේ මඟපෙන්වීම මත සිදුකරනු ලැබූ මෙම සංචාරයේදී එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවිය. අනතුරුව ඔවුන් වෙත ත්‍යාග පාර්සල් හා සුවතා නිකේතනය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය.

ඉන් අනතුරුව, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව එම රණවිරුවන්ගේ විනෝදාස්වාදය සදහා සංගීත වැඩසටහනක් ද පවත්වන ලදී.

මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.