Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th April 2024 14:51:41 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් වියළි ආහාර සලාක ඇසුරුම් බෙදා දීමේ වැඩසටහනක්

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය බ්‍රහස්පතින්දා (අප්‍රේල් මස 04) දින එම ඒකක කාර්යාලයේදී යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් 200 ක් බෙදා දෙන ලදී.

වියළි ආහාර සලාක ඇසුරුම් බෙදාදීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගි විය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.