Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd April 2024 13:23:59 Hours

යුධ හමුදා සේවා වනිතා ඒකකය විසින් 54 පාබල සේනාංකයේ යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයන් සඳහා වියළි සලාක පාර්සල් බෙදා දෙයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය 2024 මාර්තු මස 29 දින 54 පාබල සේනාංකයේ සංචාරයක නිරත විය.

එහිදී, 54 පාබල සේනාංක බලප්‍රදේශයේ රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සහ සිවිල් සාමාජිකයන් සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය විසින් ප්‍රදානය කරන ලද වියළි සලාක පාර්සල් 100 ක් යුද්ධ හමුදාධිපතිතුමන් සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය විසින් ප්‍රදානය කරන ලදී.

උත්සවය අවසානයේ දී යුද්ධ හමුදාධිපතිතුමන් සහ 542 පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් සමඟ සමරු තිළිණ හුවමාරුවක් ද සිදූවු අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මිය අතර ද සමරු තිළිණ හුවමාරුවක් සිදුකෙරෙණි. එම පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම යුද්ධ හමුදාධිපතිතුමන් විශේෂ අමුත්තන්ගේ සටහන් තැබීමේ පොතේ සටහක්ද තැබීය.

මෙම අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි, යුද සේවා ලේකම්, 54 පාබල සේනාංකයේ සේනාංකාධිපති, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.