Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st April 2024 13:47:57 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ඇවිදීමේ රාමුවක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් 2024 මාර්තු මස 28 දින කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විශ්‍රාමික ශ්‍රී ලංකා සංඥා බලකා සාමාජිකයෙකුගේ භාර්යාවගේ ප්‍රයෝජනය වෙනුවෙන් ඇවිදීමේ රාමුවක් පරිත්‍යාග කරනු ලැබීය.

විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයා වර්ෂ 1974 සිට 1996 දක්වා වසර 22 ක කාලසීමාවක් ශ්‍රී ලංකා සංඥා බලකාය තුළ නොකැළැල් සේවයක නිරතවූවෙකි. එතුමන්ගේ භාර්යාව වන ශියාලතා ගුණරත්න මහත්මිය සිය නිවසේදී අනතුරකට ලක්වීම හේතුවෙන් දින පහක් පුරාවට එම රෝහලේ හදිසි අනතුරු හා විකලාංග වෛද්‍ය සායනයේ ප්‍රතිකාර ලබමින් සිටියාය. ඇය ශල්‍යකර්මයකට භාජනය කිරීමෙන් අනතුරුව ගමන්කිරීම සඳහා ආධාරකයක් ලෙස ඇවිදීමේ රාමුවක් භාවිතා කිරීමට ඇය වෙත උපදෙස් ලැබී ඇත.

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් කිහිපදෙනෙකු සමඟින් එක්ව එම රෝහල් පරිශ්‍රයේදී මෙම ඇවිදින රාමුව ඇය වෙත පරිත්‍යාග කරනු ලැබීය.