Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st April 2024 18:57:54 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම සාර්ථකව අවසන්

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ස්වෙන්ද්‍රිනී රොද්‍රිගෝ මහත්මියගේ උපදෙස් මත පසුගිය අඟහරුවාදා (මාර්තු මස 23) දින ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මහා සභා රැස්වීමේදී ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වන චාන්දනී බණ්ඩාර මහත්මිය විසින් කාන්තා රූපලාවන්‍ය පිළිබඳව දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදී.

මහා සභා රැස්වීම සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.