Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st April 2024 13:43:11 Hours

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් මිහිඳු සෙත්මැදුර සුවතා නිකේතනයේ සංචාරයක

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 මාර්තු මස 27 දින අත්තිඩිය, මිහිඳු සෙත්මැදුර සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමේ අරමුණින් එම සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූහ.

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂම්මි ජයවර්ධන මහත්මියගේ මඟපෙන්වීම යටතේ සංවිධානය කරනු ලැබූ මෙම සංචාරයේදී එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරතවීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් තේ පැන් සංග්‍රහයක් පිරිනැමීය.

මෙම සංචාරයේදී, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සුවතා නිකේතනයේ පරිහරණය වෙනුවෙන් රූපවාහිනී යන්ත්‍ර 02 ක් සහ නේවාසික රණවිරුවන් වෙත ත්‍යාග පාර්සල් පරිත්‍යාගයක් ද සිදුකරනු ලැබීය. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද එක්ව සිටියහ.