Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st April 2024 09:44:43 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව අක්‍ෂි වෛද්‍ය සායන කඳවුරක් සංවිධානය කරයි

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව සහ කොළඹ, ශ්‍රී ලංකා අක්‍ෂිදාන සංගමය එක්ව, කරන්දෙණිය ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා අක්‍ෂි වෛද්‍ය සායන කඳවුරක් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 26) දින සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිලූපා පීරිස් මහත්මියගේ උපදෙස් මත සිදුකරනු ලැබූ මෙම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස්. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

වෛද්‍ය සායන කඳවුරේදී සිවිල් වැසියන් 288 දෙනෙකු පරීක්‍ෂාවට ලක් කරන ලද අතර, එහිදී ඇස් පෙනීම දුර්වල වූ පුද්ගලයන් වෙත ඇස් කණ්ණාඩි ලබා දෙන ලදී. මෙම අවස්ථාවට එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.