Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st April 2024 11:49:43 Hours

5 ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතු රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිපත් කරයි

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී මනෝරි වෙලගෙදර මහත්මියගේ උපදෙස් මත එම ශාඛාව මගින් 5 ගැමුණු හේවා බලකායේ සේවයේ නියුතුව රට වෙනුවෙන් දිවිපිදූ වීරෝදාර රණවිරුවන් සිහිකිරීමේ වැඩසටහනක් එම ඒකක රණවිරු ස්මාරක පරිශ්‍රයේදී පසුගිය සෙනසු්රාදා (මාර්තු මස 23) දින සංවිධානය කරන ලදී.

වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගැමුණු හේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එස්.ඩබ්ලිව්.බී. වෙලගෙදර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී සහභාගි විය. එම අවස්ථාවට රට වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් 74 දෙනෙකුගේ පවුල්වල සාමාජිකයින් 166 දෙනෙකු සහභාගී වූ අතර, ඔවුන් වෙත ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් උදෑසන සහ දිවා ආහාරය ද පිරිනමන ලදී.

වැඩසටහනේදී එම පවුල්වල සාමාජිකයින් වෙත උත්සවයේ සමරු ඡායාරූප ලබාදුන් අතර, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් ද මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ.