Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th March 2024 20:23:05 Hours

යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වතිතා ශාඛාවේ මූලිකත්වයෙන් සියදිවි නසාගැනීම් වැළැක්වීම සම්බන්ධයෙන් දේශන මාලාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඩබ්ලිව්.එච්.ආර්.ආර්.වී.එම්.එන්.ඩී.කේ.බී නියංගොඩ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත, සියදිවි නසාගැනීමෙන් වැළකීම යන මැයෙන් දේශන මාලාවක් පසුගිය බ්‍රහස්පතින්දා (මාර්තු මස 21) දින පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වතිතා ශාඛාව සහ යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය එක්ව එම බලකා දේශන ශාලාවේ පැවති මෙම දේශන මාලාව සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 500 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. දිස්ත්‍රික් 306 C1 කලාප 3 සිංහ සමාජය විසින් මෙම වැඩසටහන සඳහා අනුග්‍රාහකත්වය දක්වන ලදී.

වැඩසටහන සඳහා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, සිංහ සමාජයේ පන්ථක දාබරේ මහතා සහ එහි අනෙකුත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් මෙම අවස්ථාවට සහභාගී වූහ. වැඩසටහනේදී සහභාගීවූවන්ගෙන් තෝරාගත් 20 දෙනෙකුට සිංහ සමාජයේ මූලිකත්වයෙන් නොමිලේ එක්දින වැඩමුළුවක් සඳහා සහභාගී වීමට ද අවස්ථාව හිමිවිය.