Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th March 2024 15:55:01 Hours

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වැඩමුළුවක්

ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී වජිරා පෙරේරා මහත්මියගේ උපදෙස් මත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී රූපලාවන්‍ය හා නිරූපන ශිල්පය පිළිබඳ වැඩමුළුවක් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 23) දින සංවිධානය කරන ලදී.

මෙම වැඩමුළුව සඳහා එම රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසු නිලයින් 150 දෙනෙකුගේ භාර්යාවන් සහභාගීවූ අතර, එහිදී රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ මෝස්තර නිරූපණ ශිල්පී රුක්මාල් සේනානායක යන මහත්වරුන් ඇතුළු එම ක්ෂේත්‍රයේ කීර්තිමත් වෘත්තිකයන් වැඩමුළුව මෙහෙයවනු ලැබීය. එහිදී සහභාගීවූවන්ට රූපලාවන්‍ය හා නිරූපන ශිල්පය පිළිබඳ දැනුම සහ අවබෝධය වැඩි දියුණු කරගැනීමට හැකි වූහ.

වැඩසටහන අතරතුරදී ගැබිණි මව්වරුන් 18 දෙනෙකු සඳහා අත්‍යාවශ්‍ය ත්‍යාග පාර්සල් ප්‍රදානය කරන ලද අතර, ඊට සමගාමීව, එදින ශ්‍රී ලංකා පාබල හමුදා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහා සභා රැස්වීම ද පැවැත්විණි. එහිදී නව කමිටු සාමාජිකාවන් පත් කිරීම සහ ඉදිරි සුබසාධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවන් සිදුකරනු ලැබීය.