Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

25th March 2024 22:46:18 Hours

යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවෙන් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ප්‍රියංගා වික්‍රමසිංහ මහත්මියගේ උපදෙස් මත එම ඒකකයේ සාමාජිකාවන් විසින් ගංගොඩ සහ පිළිමතලාව ශ්‍රී විද්‍යාදීප මෙහෙණි පිරිවෙනේ භික්ෂුණීන් වහන්සේලා වෙනුවෙන් ලිපි ද්‍රව්‍ය, ඖෂධ සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (මාර්තු මස 17) දින ක්‍රියාත්මක කරන ලදී.

වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය සහ යුද්ධ හමුදා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී සහභාගී විය.

මෙම අවස්ථාවට එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.