Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th March 2024 17:08:01 Hours

යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවෙන් සමාජ සත්කාරක වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මගින් යාපනය ප්‍රදේශයේ දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දිවි ගෙවන පවුල්වල පුද්ගලයින් හා පාසල් ළමුන් සඳහා ඇස් කණ්නාඩි සහ පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (මාර්තු මස 16) දින පවත්වන ලදී.

එම වැඩසටහනේදී 7 ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ නිලධාරීනියන් සහ සෙසු නිලයන් විසින් ඔට්ටගප්පුලම්, රෝමානු කතෝලික දමිළ මිශ්‍ර පාසලේ අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් 30 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කරනු ලැබීය.

යාපනය ‘NRS Optical Pvt Ltd’ ආයතනයේ අනුග්‍රාහකත්වය ඇතිව දකුණු තායිඩ්ඩි ප්‍රදේශයේ අවශ්‍යතා සහිත වැඩිහිටියන් 27 දෙනෙකු වෙත ඇස් කණ්ණාඩි ප්‍රදානය කිරීමේ වැඩසටහනක්ද පැවැත්වූ අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය වශයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නයෝමි ගුණරත්න මහත්මිය සහභාගී වූවාය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීනියන්, නිලධාරීනියන් සහ සෙසුනිලයන් සහභාගි වූහ.