Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th March 2024 14:14:06 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සැමරුම් වැඩසටහනක්

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2024 මාර්තු මස 09 දින එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් කළුඅග්ගල අම්බලම නිවාඩු නිකේතනයේදී සැමරුම් උත්සවයක් පැවැත්වීය.

එහිදී, ක්‍ෂේත්‍රයේ වෘත්තීය ප්‍රවීණයෙකු වන මාධවි මලයිගොඩ ආරියබන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් ‘ශක්තිමත් සමාජයක් ගොඩනැඟීමේදී කාන්තාවගේ දායකත්වය’ තේමාව ඔස්සේ හරවත් දේශනයක් සිදුකෙරිණි. උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි දිලූපා පීරිස් මහත්මිය සහභාගී විය.

වැඩසටහන සමාප්තියේ, සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ ලේකම් නිලූපා මහතන්තිල මහත්මිය විසින් ස්තූති කථාව පවත්වමින් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්වීම සඳහා නන් අයුරින් දායක වූ සියලුදෙනා වෙනුවෙන් සිය කෘතඥතාවය පුදකරන ලදී.