Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th March 2024 16:41:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වියළි ආහාර සලාක පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මහත්මියගේ මඟපෙන්වීම යටතේ එම රෙජිමේන්තුවෙහි සේවයේ නියුතු සිවිල් සේවක මහත්ම මහත්මීන් 15 දෙනෙකු වෙත වියළි ආහාර සලාක පාර්සල් බෙදාදීමේ වැඩසටහනක් 2024 මාර්තු මස 07 දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ අනුග්‍රාහකත්වය මත ක්‍රියාත්මක කරනු ලැබූ අතර, එම අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ එම ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් එක්ව සිටියහ.