Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th March 2024 16:33:21 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ මඟපෙන්වීම යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2024 මාර්තු මස 11 දින මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය. වැඩසටහන අතරතුරදී, තෝරාගත් යුද හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් 75 දෙනෙකු අතරින් සෙබළියන් 13 දෙනෙක් සහ සිවිල් සේවක මහත්මීන් 2 දෙනෙකු වෙත සංකේතාත්මකව වියළි ආහාර සලාක පාර්සල් බෙදාදෙනු ලැබීය.

වෑතර දිස්ත්‍රික් රෝහලේ කීර්තිමත් විශේෂඥ වෛද්‍යවරයකු සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය කාර්යාලයේ සහතිකලත් පුහුණුකරුවෙකු වන වෛද්‍ය මහේන්ද්‍ර ඒකනායකගේ විසින් මෙම වැඩසටහනට සමගාමීව ‘ධනාත්මක චරිතයක් තුළින් යහපත් සෞඛ්‍යයක් පවත්වාගැනීම සඳහා කාන්තාවන් ප්‍රබෝධමත් කිරීම’ තේමාව ඔස්සේ විශේෂ දේශනයක් පවත්වන ලදි.

වැඩසටහන සමාප්තියේ, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි විසින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් පිරිසක් එක්ව සිටියහ