Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th March 2024 16:46:02 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීමට සමගාමීව පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 මාර්තු මස 10 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති මාසික රැස්වීමට සමගාමීව පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

මෙම පරිත්‍යාග වැඩසටහනේදී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සාමාජිකයන්ගේ පවුල්වල ගර්භනී මාතාවන් 31 දෙනෙකු වෙත රුපියල් 10,000.00 ක වටිනාකමකින් යුත් ‘කාගිල්ස්’ සමාගමේ ත්‍යාග වවුචරපත් පිරිනැමිණි. එමෙන්ම, උසස් පෙළ විභාගයෙන් සුවිශේෂී දස්කම් දැක්වූ එම රෙජිමේන්තුවේ සිවිල් සේවක මහතෙතුගේ දියණියකගේ උසස් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රු. 50,000.00 ක මූල්‍ය පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකෙරිණි.

තවද, කොමිෂන් නොලත් නිලධාරියෙකුගේ විශේෂ අවශ්‍යතා සහිත දියණියකට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඇතුළු අනෙකුත් කළමණා මෙහිදී පරිත්‍යාග කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ෂෙහානි ප්‍රනාන්දු මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙම වැඩසටහන සහ පරිත්‍යාග කටයුතු සංවිධානය කෙරිණි.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා නිලධාරින්, සෙසුනිලයන් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගී වූහ