Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

14th March 2024 09:18:11 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ප්‍රධානත්වයෙන් වියළි ආහාර සලාක පාර්සල් පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් සහ සිවිල් සේවක මහතුන් වෙනුවෙන් පසුගිය අඟහරුවාදා (මාර්තු මස 12) දින වියළි ආහාර සලාක පාර්සල් 100 ක් බෙදාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

වියළි ආහාර සලාක පාර්සල් ප්‍රදානය කිරීමේ උත්සව අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය සහභාගී විය.

උත්සව අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර්. සිල්වා කේඑස්පී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.