Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th March 2024 17:58:15 Hours

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් වැඩසටහනක්

ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව ‘Okinreach’ දේශන ශාලාවේදී යුද්ධ හමුදා සාමාජිකයින්ගේ භාර්යාවන් 100 දෙනෙකු වෙනුවෙන් 2024 මාර්තු මස 09 දින වැඩසටහනක් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

කාන්තාවන් සවිබලගැන්වීමේ අරමුණින් පවත්වනු ලැබූ මෙම දේශන මාලාවේදී, ඉන්දු සෙනෙවිරත්න මහත්මිය ‘කාන්තාවන් සවිබල ගැන්වීම’ පිළිබඳවත්, ‘Forever Beauty’ නිෂ්පාදන ආයතනයේ නිර්මාතෘ චාන්දනී බණ්ඩාර මහත්මිය ‘පුද්ගලික රූපලාවන්‍ය සත්කාර සහ ප්‍රතිකාර’ පිළිබඳවත් එතුමිය සතු විශේෂඥ දැනුම බෙදාගත්හ. මීට අමතරව, පුෂ්පා රම්‍යානි ද සොයිසා මහත්මිය ‘කාන්තාවන්ගේ පුද්ගලික සනීපාරක්‍ෂාව සහ යහපැවැත්ම’ පිළිබඳව දේශනයක් පැවැත්වීමෙන් අනතුරුව එම දේශකයන් තිදෙනා ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත සමරු තිළිණ ප්‍රදානය කෙරිණි.

මෙම අවස්ථාවට සමගාමීව සහභාගී වූ සියළු කාන්තාවන් වෙනුවෙන් විශේෂ ත්‍යාග පාර්සල් පරිත්‍යාග කරනු ලැබීය.