Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

05th March 2024 16:27:32 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පල්ලේපොල, වීර මද්දුම බණ්ඩාර විද්‍යාලය වෙත පාසල් උපකරණ පරිත්‍යාගයක්

විශේෂ බලකායේ බලකාධිපති හා 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මියගේ උපදෙස් මත විශේෂ බලකා සේවා වනිතා ශාඛාව මගින් පසුගිය සිකුරාදා (මාර්තු මස 01) දින පල්ලේපොල, වීර මද්දුම බණ්ඩාර පාසලේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන පාසල් ළමුන් වෙනුවෙන් පාසල් බෑග් සහ අත්‍යාවශ්‍ය ලිපි ද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහනක් සංවිධානය කරන ලදී.

පාසල් ළමුන් වෙනුවෙන් එහිදී, දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමූ අතර, ඔවුන් වෙනුවෙන් විනෝදාස්වාදජනක වැඩසටහනක් ද පවත්වන ලදී.

විශේෂ බලකා භටපිරිස් විසින් පාසල් ළමුන්ගේ අධ්‍යාපනය සඳහා සුරක්‍ෂිත සහ සෞඛ්‍ය සම්පන්න පරිසරයක් ඇති කිරීම පිණිස පාසල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.

උත්සව අවස්ථාවට විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් එච්.එස්.ඩබ්ලිව්.කේ ගල්හේනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකයින් සහභාගී වූහ.