Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

04th March 2024 13:04:04 Hours

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ‘අභිමංසල-3’ සුවතා නිකේතනයේ සංචාරයක

ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් 2024 පෙබරවාරි මස 21 දින පාන්ගොල්ල ප්‍රදේශයේ පිහිටි ‘අභිමංසල-3’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වෙමින් එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීය.

මෙම සංචාරයේදී, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උපදෙස් යටතේ සහ ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සුරංගි අමරපාල මහත්මියගේ අධීක්‍ෂණය මත එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන්ට ආගමික වතාවත්වල නිරතවීම සඳහා ‘පහන් වැට’ දෙකක් ද පරිත්‍යාග කරන ලදී.

සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සහ ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් තේ පැන් සංග්‍රහයකට සහභාගී වෙමින් සුහඳ පිළිසඳරක නියැලුනහ. මෙම සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් ඔවුන් සියලුදෙනා සමූහ ඡායාරූපයකට පෙනීසිටීමෙන් අනතුරුව ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිය විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් ඇතුළු ඉංජිනේරු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.