Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th February 2024 18:51:47 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් එම බලකායේ දිවංගත රණවිරුවකුගේ දියණියකට ශිෂ්‍යත්වයක් පිරිනමයි

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ගංගා හේරත් මහත්මියගේ මඟපෙන්වීම යටතේ මව්බිම වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ සැරයන් එච්.ඩී.එස්. කුමාරසිංහ ගේ දියණිය වන සඳරේකා කුමාරසිංහ වෙත ශිෂ්‍යත්වයක් ප්‍රදානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිතුමිය විසින් 2024 පෙබරවාරි මස 25 දින එම සේවා වනිතා ශාඛාවේ මාසික රැස්වීම අතරතුරදී, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යාවක් වන සඳරේකා කුමාරසිංහ දියණියගේ උපාධිය අවසන් වන තෙක් මෙම ශිෂ්‍යත්වය පිරිනමනු ලබයි.