Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st March 2024 15:16:00 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිය ‘අභිමංසල - 3’ සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (පෙබරවාරි මස 29) දින පාන්ගොල්ල ප්‍රදේශයේ ස්ථාපිත ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත විය.

එතුමිය එහිදී, එම සුවතා නිකේතනයේ නේවාසික රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු පිළිබඳව විමසා බැලීය. අනතුරුව එම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා සමූහ ඡායාරූපයක් සඳහා ද පෙනී සිටින ලදී.

එහිදී රණවිරුවන්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් ඇගයීමට ලක්කළ ජානකී ලියනගේ මහත්මිය ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක්ද පිරිනැමීය.

ජල ප්‍රථීකාර සඳහා යොදාගන්නා පිහිනුම් තටාකය නඩත්තු කිරීමට අවශ්‍ය පිරිසිදු කිරීමේ ද්‍රව්‍යය ද එතුමිය විසින් සුවතා නිකේතනය වෙත පරිත්‍යාග කරනු ලැබීය.

එම සංචාරයේදී ‘අභිමංසල 3’ සුවතා නිකේතනයේ සේනාවිධායකතුමන් විසින් ජානකී ලියනගේ මහත්මිය වෙත මෙම රෝහල් සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණයක් ප්‍රදානය කරනු ලැබිණි.

සුවතා නිකේතන පරිශ්‍රයෙන් පිටත්ව යාමට පෙර එතුමිය අමුත්තන් සඳහා වූ සමරු පොතෙහි සටහනක් ද තැබීය.

සංචාරයේදී එතුමිය යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් කළමනාකරණය කරනු ලබන කඩදාසි ප්‍රතිචක්‍රීකරණ ව්‍යාපෘතිය සහ සුවතා නිකේතන පරිශ්‍රයේ පිහිටි ආයුර්වේද රෝහල නිරීක්‍ෂණය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.