Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

29th February 2024 12:44:37 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාව මඟින් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 24) දින එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරියේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් 170 දෙනෙකු වෙත පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී.

එම සුභසාධන වැඩසටහන අතරතුරදී, පාසල් සිසු සිසුවියන් 11 දෙනෙකු වෙත සංකේතාත්මකව පාසල් උපකරණ ඇසුරුම් බෙදාදීමෙන් අනතුරුව තේ පැන් සංග්‍රහයක් සහ ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමිණි. එහිදී, 4 ගැමුණු හේවා බලඇණියේ රාජකාරියෙහි නියුතුව සිටියදී ජීවිතක්‍ෂයට පත් රණවිරුවෙකුගේ පුතණුවෙකුගේ ඉදිරි අධ්‍යාපන කටයුතු වෙනුවෙන් රුපියල් 50,000/- ක ශිෂ්‍යත්වයක් ද පිරිනමනු ලැබිණි.

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මියගේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා ප්‍රගලිත පුෂ්පකුමාර, ප්‍රියංකා ගලප්පත්ති, ගංගා මුතුකුමාරණ, තුසිතා සේනාධීර, උදුලා කස්තුරිආරච්චි යන මහත්ම මහත්මීන්ගේ සහයෝගය හිමිවූහ.

මෙම වැඩසටහන සඳහා ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.