Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

28th February 2024 12:05:11 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් වියළි ආහාර සලාක ඇසුරුම් පරිත්‍යාග වැඩසටහනක්

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය මගින් පසුගිය අඟහරුවාදා (පෙබරවාරි මස 27) දින යුද්ධ හමුදා මූලස්ථානයේ රාජකාරි කරනු ලබන යුද්ධ හමුදා සහ සිවිල් සේවක මහතුන් සඳහා වියළි ආහාර සලාක ඇසුරුම් 100 ක් පරිත්‍යාග කරන ලදී.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය විසින් එහිදී ප්‍රතිලාභීන් වෙත වියළි ආහාර සලාක ඇසුරුම් ප්‍රදානය කරන ලද අතර, එම අවස්ථාවට එම එ්කකයේ බ්‍රිගේඩියර් සම්බන්ධීකරණ නිලධාරී, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් ද එක්ව සිටියහ.