Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

27th February 2024 18:42:41 Hours

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ වාර්ෂික මහසභා රැස්වීම පවත්වයි

ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මියගේ මඟපෙන්වීම මත එම සේවා වනිතා ශාඛාවේ 25 වන වාර්ෂික මහසභා රැස්වීම 2024 පෙබරවාරි මස 23 දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැත්විණි.

මෙහි දී ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී දුලානි සිසිර කුමාරි මහත්මිය විසින් කාන්තා රූපලාවන්‍ය සහ ඊට අදාල කරුණු සම්බන්දයෙන් දේශනයක් පවත්වන ලදී. ගැමුණු හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි මනෝරි වෙලගෙදර මහත්මිය විසින් එතුමිය වෙත සිය කෘතඥතාවය පුදකරමින් ඇගයීම් සංකේතයක් පිරිනමනු ලැබීය. මීට අමතරව, මෑතකදී විවාහ දිවියට පා තැබූ නිලධාරීන් තිදෙනෙකුගේ භාර්යාවන් වෙත ත්‍යාග පිරිනැමූ අතර එම සේවා වනිතා ශාඛාවේ නව සාමාජිකාවන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම රැස්වීමට සමගාමීව පැල්මඩුල්ල මිතුරු ළමා නිවාසයේ නේවාසික ළමුන් 20 දෙනෙකු සිය දස්කම් විදහා දැක්වූ අතර ඔවුන් වෙනුවෙන් පිහිනුම් තටාකයේදී ජල ක්‍රීඩාවක්ද සහ සංගීතමය වැඩසටහනක් පැවැත් විය.