Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th February 2024 15:52:25 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් 2024 පෙබරවාරි මස 24 දින අනුරාධපුර, සාලියපුර ‘Mithra and Happy children’s’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් රසකැවිලි, ඖෂධ, කිරිපිටි සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය ඇතුළත් පාර්සල් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පැවැත්වූ අතර එම වැඩසටහන සමාප්තියේ ඔවුන් වෙනුවෙන් ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමූහ.

විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි අනෝජා පීරිස් මහත්මිය සහ 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ මඟපෙන්වීම මත මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

2 විශේෂ බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් වයි.එම්.ඒ.කේ.බී. අබේවර්ධන ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සම්බන්ධීකරණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.