Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

26th February 2024 15:50:23 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් ‘යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන් සවිබල ගැන්වීම’ පිළිබඳ දේශනයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පෙබරවාරි මස 23 දින පොල්හේන්ගොඩ ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ‘යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන්ගේ කාර්යභාරය’ තේමාව ඔස්සේ දේශනයක් පැවැත්වීය.

රණවිරුවා සඟරාවේ ප්‍රධාන සංස්කාරක ජනමාධ්‍ය හා මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ලුතිනන් කර්නල් ඊ.ඒ.ඒ.එස්.සී. එදිරිසිංහ විසින් මෙහෙයවූ මෙම දේශනය සමාප්තියේ සහභාගී වූවන් එතුමන් සමඟ සුහඳ පිළිසඳරක ද නිරතවූහ.

යුද්ධ හමුදා පවුල්වල සාමාජිකයන්ගේ සහයෝගීතාවය, යුද්ධ හමුදා සාමාජිකයන්ගේ භාර්යාවන්ගේ කාර්යභාරයේ විවිධ ස්වරූපයන්, ආතතිය කළමණාකරණය කිරීම පිළිබඳ ප්‍රායෝගික උපදෙස්, සෞඛ්‍ය සම්පන්නව රාජකාරි ඉටුකිරීම සහ පෞද්ගලික ජීවිතය සමතුලිතව පවත්වා ගැනීම යන කරුණු මූලික කරගනිමින් මෙම දේශනය පැවැත්විණි.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ නිලධාරින්, සෙසුනිලයන් සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් ද සහභාගී වූහ.