Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

22nd February 2024 19:02:55 Hours

යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ආචාර්ය හිමාලි නියංගොඩ මහත්මියගේ උපදෙස් මත එම බලකා සේවා වනිතා ශාඛාවේ සහ ගිණුම් නිලධාරීන්ගේ දායකත්වයෙන් පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සඳුදා (පෙබරවාරි මස 19) දින පැවැත්විණි.

උත්සව අවස්ථාවට ආරාධිත අමුත්තිය ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූ අතර, එහිදී එම රෙජිමේන්තුවේ නිලධාරීන්, සෙසු නිලයින් සහ සිවිල් කාර්යය මණ්ඩලයේ පවුල් වල පාසල් අධ්‍යාපනය ලබන දරුවන් 100 දෙනෙකු වෙත අත්‍යාවශ්‍ය පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය.

එහිදී, රු. 15,000.00 වටිනාකමකින් යුත් පොත්, ලිපි ද්‍රව්‍ය, පාවහන් සහ පාසල් බෑග් ඇතුළු අධ්‍යාපනික උපකරණ අඩංගු අසුරුම් බෙදා දෙනු ලැබීය. අනතුරුව පැමිණ සිටි දරුවන් සඳහා විනෝදාස්වාද වැඩසටහනක් ද සංවිධානය කර තිබුණි.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක, එම බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ දෙමාපියන් සහභාගී වූහ.