Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

21st February 2024 18:05:17 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් නිදහස් දින සැමරුම් පෙරහුරුවේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට නෙස්ටෝමෝල්ට් බෙදා දෙයි

76 වන නිදහස් දින පෙළපාලිය වෙනුවෙන් 2024 පෙබරවාරි මස 03 දින සිට 04 දින දක්වා පැවැත්වූ පෙරහුරු අභ්‍යාසයන් වෙනුවෙන් ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ උපදෙස් සහ සම්බන්ධීකරණය යටතේ ‘ Nesle Lanka’ (Pvt) Ltd ආයතනය සමඟ එක්ව, එම සමාගමේ නිෂ්පාදනයක් වන ‘නෙස්ටෝමෝල්ට්’ පානය ත්‍රිවිධ හමුදාව සාමාජිකයින් 5000කට ආසන්න සංඛ්‍යාවකට බෙදා දෙන ලදී.

ත්‍රිවිධ හමුදාවේ කැපවීම සහ වෙහෙස නොබලා කටයුතු කිරීම අගය කිරීම හා පුහුණුවීම් අතරතුර ප්‍රබෝධමත් භාවයක් ලබාදීම මෙමගින් සිදුකරනු ලැබූහ.