Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

20th February 2024 17:19:42 Hours

‘මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් පවුල් ජීවිතයක්’ යන මැයෙන් දැනුවත් කිරීමේ දේශනයක්

ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ හා එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නෙලූකා නානායක්කාර මහත්මියගේ උපදෙස් මත ‘මානසික සෞඛ්‍යය සහ තෘප්තිමත් පවුල් ජීවිතයක්’ මැයෙන් දැනුවත් කිරීමේ දේශනයක් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 17) දින පැවැත්විණි.

ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි මාණ්ඩලික නිලධාරී II (මනෝවිද්‍යාත්මක මෙහෙයුම්) මේජර් ජී. හේවානායක විසින් පවත්වනු ලැබූ මෙම දේශනය සඳහා එම රෙජිමේන්තුවට අයත් නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ භාර්යාවන් ඇතුළුව 250 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. මෙම දේශනය මගින් මානසික සුවතාවය වර්ධනය කිරීම සහ පවුලේ බැඳීම් ශක්තිමත් කිරීම පිළිබඳව මනා අවබෝධයක් ලබාදෙනු ලැබීය.