Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th February 2024 21:58:30 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් මාතලේ, විජය විද්‍යාලයේ පන්ති කාමර ප්‍රතිසංස්කරණය කිරීමට 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් කටයුතු කරයි

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධීකරණයෙන් 17 ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මාතලේ විජය විද්‍යාලයේ පන්ති කාමර හතරක් නවීකරණය කරන ලදී. පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 10) දින එම විද්‍යාලයේ පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් එම පන්ති කාමර විවෘත කෙරිණි. එම අවස්ථාවට යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය ද සහභාගී විය. යුද්ධ හමුදාධිපතිතුමන් මාතලේ විජය විද්‍යාලයේ කීර්තිමත් ආදි සිසුවෙකි.

පාසල් ආදි ශිෂ්‍ය සංගමය සහ දානපතියන් පිරිසකගේ මුල්‍යමය අනුග්‍රාහකත්වය මත මෙම නවීකරණ කටයුතු සිදුකරන ලදී.

උත්සව කටයුතු සමාප්තියේ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ මූලිකත්වයෙන් සිසු සිසුවියන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනැමීය.

එම උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පාසල් විදුහල්පතිතුමන්, උප විදුහල්පතිතුමන් සහ පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.