Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

11th February 2024 15:26:35 Hours

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ ප්‍රධානත්වයෙන් මාතලේ විජය විද්‍යාලයේ පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක්

මාතලේ විජය විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ආධාර ලබාදීමේ අරමුණින් පෙබරවාරි මස 10 දින පොත් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් සංවිධානය කෙරෙණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වූ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සමඟින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය සහභාගී වූහ.

මෙහිදී යුද්ධ හමුදාධිපතිතුමන්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය සහ ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම විසින් ආර්ථික අපහසුතා මධ්‍යයේ අධ්‍යාපන කටයුතුවල නිරත සිසු සිසුවියන් සඳහා පාසල් උපකරණ කට්ටල 100 ක් බෙදාදුන් අතර, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ පාසල් ආදිශිෂ්‍ය සංගමයේ අනුග්‍රාහකත්වය මත එම පාසලේ තවත් සිසු සිසුවියන් 12 දෙනෙකු වෙත මූල්‍යමය ශිෂ්‍යත්වයන් ප්‍රදානය කරන ලදී. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම පාසලේ ක්‍රීඩා කටයුතු වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රීඩා භාණ්ඩ කට්ටලයක් පරිත්‍යාග කරන ලදී.

එම උත්සව අවස්ථාවට ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින්, කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ, පාසල් විදුහල්පතිතුමන්, උප විදුහල්පතිතුමන් සහ පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.