Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

16th February 2024 12:22:58 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක්

විනයාරක්‍ෂාධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී සහ එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ උපදෙස් මත පසුගිය බදාදා (පෙබරවාරි මස 14) දින අනුරාධපුර ‘අභය’ ළමා නිවාසයේ නේවාසික ළමුන් වෙනුවෙන් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සංවිධානය කර තිබිණි.

මෙම වැඩසටහනේදී එම ළමා නිවාසයේ නේවාසික ළමුන් 50 දෙනා වෙත රු.8,000.00 ක වටිනාකමකින් යුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කරනු ලැබූ අතර, ඔවුන් වෙත ප්‍රණීත දිවා භෝජන සංග්‍රහයක් ද පිරිනමන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සම්බන්ධීකරණයෙන් දානපතියන් පිරිසකගේ අනුග්‍රාහකත්වය මත මෙම වැඩසටහන පැවැත්වීය.

මෙම වැඩසටහන සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.