Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

15th February 2024 12:45:57 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් 2024 පෙබරවාරි මස 11 දින අනුරාධපුර, සාලියපුර ප්‍රදේශයේ පිහිටි ‘සතුට ළමා නිවාසයේ’ නේවාසික ළමුන් වෙනුවෙන් පරිත්‍යාග වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉරේෂා ප්‍රනාන්දු මහත්මියගේ සහ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඊ.එම්.එම්. ප්‍රනාන්දු එච්ඩීඑම්සී එල්එස්සී ඒඒටීඕ ගේ මඟපෙන්වීම යටතේ එම ළමා නිවාසයේ නේවාසික ළමුන් 28 දෙනෙකු වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලදී.

ළමුන් වෙත දිවා භෝජන සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව ඔවුන්ගේ විනෝදාස්වාදය වෙනුවෙන් වැඩසටහනක් ද සංවිධානය කර තිබිණි. මෙම වැඩසටහනට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් පළතුරු, ඖෂධ, කිරිපිටි, වියළි ආහාර සලාක සහ සනීපාරක්‍ෂක ද්‍රව්‍ය අඩංගු ත්‍යාග පාර්සල් ද එම ළමුන් වෙත මෙහිදී පරිත්‍යාග කෙරිණි.

මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.