Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th February 2024 14:20:44 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් ‘මානසික සෞඛ්‍යයේ වැදගත්කම’ පිළිබඳ වැඩමුළුවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාව මඟින් බොරැල්ල ප්‍රදේශයේ ස්ථාපිත එම බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පසුගිය සිකුරාදා (පෙබරවාරි මස 09) දින ‘මානසික සෞඛ්‍යයේ වැදගත්කම’ පිළිබඳ පුහුණු වැඩමුළුවක් පැවැත්වනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නයෝමි ගුණරත්න මහත්මියගේ ආරාධනයකට අනුව මනෝවිද්‍යා උපදේශක හා ඊඑම්ඩීආර් චිකිත්සක (අක්‍ෂි චලන සංවේදනය හා නැවත සැකසීමේ චිකිත්සක) ලුතිනන් කර්නල් කුමුදිනී අමරසිංහ මුතාලිෆ් (විශ්‍රාමික) විසින් පුහුණු සැසිය පවත්වන ලදී.

මෙම වැඩමුළුව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකා සේවා වනිතා ශාඛාවේ නිලධාරිනියන්, සෙසුනිලයන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගී වූහ.