Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

12th February 2024 14:25:23 Hours

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාව වෙතින් වාර්ෂිකව පවත්වනු ලබන පොත් පරිත්‍යාග වැඩසටහන මෙවරත් එම සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සමන්කා ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම බලකා ඒකක පරිශ්‍රයන්හිදී පැවැත්විණි.

4 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා මූලස්ථානයේ දී 2024 ජනවාරි මස 06 දින පැවති මෙම වැඩසටහන සඳහා නිලධාරීන්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපන කටයුතුවල නිරත දරු දැරියන් 368 දෙනෙකු සහභාගී වූ අතර ඔවුන් වෙත ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කෙරිණි. මෙම වැඩසටහනට සමගාමීව 2024 වසරේදී 01 ශ්‍රේණියට ඇතුළත් වීමට අපේක්‍ෂිත ළමුන් 19 දෙනෙකු වෙත රු. 2000.00 ක වටිනාකමකින් යුත් පාසල් උපකරණ පරිත්‍යාගයක් ද සිදුකෙරිණි.

1 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් එම බලකාය යටතේ සේවයේ නියුතු සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ දුවා දරුවන් 404 දෙනෙකු වෙත පාසල් උපකරණ සහ 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකාය වෙතින් නිලධාරින්, සෙසුනිලයන් සහ සිවිල් සේවක මහතුන්ගේ දරු දැරියන් 487 දෙනෙකු වෙත පොත් සහ ලිපිද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහනක් 2024 ජනවාරි මස 13 දින ක්‍රියාත්මක කරනු ලැබීය. එමෙන්ම, පාසල් සිසු සිසුවියන් 397 දෙනෙකු වෙත පාසල් උපකරණ කට්ටල සහ 1 සිට 6 දක්වා ශ්‍රේණිවල සිසු සිසුවියන් 241 දෙනෙකු වෙත පාසල් බෑග් ද මෙහිදී පරිත්‍යාග කෙරිණි.

ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඇතුළු එම ශාඛාවේ සාමාජිකාවන් සහ පරිත්‍යාගශීලීන්ගේ මූල්‍ය දායකත්වය මත මෙම පරිත්‍යාග වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.

මෙම පරිත්‍යාග වැඩසටහන සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් ද සහභාගී වූහ.