Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

08th February 2024 18:54:45 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පරිත්‍යාග වැඩසටහනක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනිගේ සංකල්පයකට අනුව එම සේවා වනිතා ශාඛාව වෙතින් 1 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී මේජර් එන්.එච්.යූ. පෙරේරා ගේ මැදිහත්වීමෙන් එම ඒකකයේ ලාන්ස් කෝප්‍රල්වරයෙකු වෙත නාන කාමර උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරනු ලැබීය.

රිය අනතුරකින් සිය බිරිඳ ජීවිතක්‍ෂයට පත්ව ඇති එම රණවිරුවා සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම පරිත්‍යාගය සිදුකරනු ලැබීය.

එමෙන්ම, ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි (වෛද්‍ය) ඒ. නිල්මිණි ප්‍රනාන්දු මහත්මිය, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස ව්‍යාපෘතිය යටතේ 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරිනියක සඳහා ඉදිකරන ලද නව නිවස වෙනුවෙන් පසුගිය සිකුරාදා (ජනවාරි මස 26) දින සෝෆා කට්ටලයක් පරිත්‍යාග කරන ලදී.