Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

09th February 2024 08:04:59 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් නව නිවසක් ඉදිකෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාව දානපතියන් පිරිසක් සමඟ එක්ව එම බලකාය යටතේ සේවයේ නියුතු ගාල්ල, ඉඳුරුව ප්‍රදේශයේ පදිංචිව සිටින ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරියෙකු වෙනුවෙන් ඉදිකරනු ලැබූ නව නිවසක් පසුගිය බදාදා (පෙබරවාරි මස 07) දින ප්‍රතිලාභියා වෙත පවරාදෙන ලදී.

යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයක් මත යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ උපදෙස් හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මියගේ මඟපෙන්වීම යටතේ මෙම නව නිවසේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලැබීය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මිය හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි නන්දනී සමරකෝන් මහත්මිය සමඟ එක්ව මෙම නව නිවස සඳහා අවශ්‍ය විදුලි උපකරණ සහ වියළි ආහාර සලාක පරිත්‍යාගයක් ද මෙහිදී සිදුකෙරිණි. නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.පී.ඒ.අයි.එම්.බී. සමරකෝන් එච්ඩීඑම්සී එල්එස්සී ගේ අධීක්‍ෂණය මත ක්‍රියාත්මක කෙරුණු මෙම වැඩසටහන සඳහා කටුබැද්ද ප්‍රදේශයේ ස්ථාපිත එම බලකායේ මූලික වැඩපොළෙහි භටපිරිස් විසින් ඔවුන්ගේ විශේෂඥ දැනුම සහ තාක්‍ෂණික සහය ලබාදුන්හ. නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය මූල්‍යමය අනුග්‍රාහකත්වය දානපතියන් පිරිසක් විසින් ලබාදෙන ලදී. නව නිවස විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සමඟින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි සහභාගී වූ අතර නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.