Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th February 2024 15:30:49 Hours

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවෙන් සුභසාධන වැඩසටහනක්

යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ 31 වන සංවත්සර දිනයට සමගාමීව කරන්දෙණිය, සන්නද්ධ බුද්ධි බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති උත්සවයේ දී මව්බිම වෙනුවෙන් දිවිපිදූ එම බලකායේ රණවිරු සාමාජිකයන්ගේ පවුල් 65 ක් සඳහා ආධාර ලබාදීම ඉකුත් සෙනසුරාදා (ජනවාරි මස 27) දින සිදුකරනු ලැබීය.

උත්සව අවස්ථාවේදී යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව විසින් යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ මව්බිම වෙනුවෙන් දිවිපිදූ රණවිරු සාමාජික පවුල් 65 ක් වෙත අත්‍යවශය ද්‍රව්‍ය ලබාදෙන ලදී. තවද විශේෂ අවශ්‍යතා සහිත ළමුන් තිදෙනෙකු වෙත රුපියල් පන්දහසක (5000/-) වටිනාකමකින් යුත් වවුචර්පත් පරිත්‍යාගයක් ද සිදුකරන ලදී. මෙම මූල්‍යමය පරිත්‍යාගය මාසික දීමනාවක් වශයෙන් වසරක කාල සීමාවක් සඳහා එම සිසුන් වෙත ලබාදීමට නියමිතය.

මෙම අවස්ථාව වෙනුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ, යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිලූපා පීරිස් මහත්මිය, එම ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.