Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th February 2024 15:37:18 Hours

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව වෙතින් මනෝවිද්‍යාත්මක අධ්‍යාපන වැඩසටහනක් පවත්වයි

විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී තුෂාර යටිවාවල අලුවිහාරේ මහත්මියගේ උපදෙස් පරිදි විජයබාහු පාබල රෙජිමේන්තු මූලස්ථානයේදී මනෝවිද්‍යාත්මක අධ්‍යාපන පුහුණු වැඩසටහනක් පසුගිය බදාදා (2024 ජනවාරි 31) දින පවත්වන ලදී.

මෙම වැඩසටහන සඳහා මානව සම්පත් කළමාණාකරන හා පෙන්ගුවින් සමුහ ව්‍යාපාරයේ ප්‍රධාන මනෝ උපදේශිකාවක් වන ඩබ්ලිව්.එම්.එන්.එම් විජේකෝන් මහත්මිය, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරිනි ගංගා වීරසිංහ මහත්මිය, අඹගමුව කෝරළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරිනි ගයානි ගුණවර්ධන මහත්මිය, පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරිනි මිලානි හේරත් මහත්මිය විසින් දේශන සිදුකරන ලදී.

මෙම වැඩසටහන සඳහා විජයබාහු පාබල රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ එම සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.