Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th February 2024 16:59:46 Hours

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සුභසාධන වැඩසටහනක්

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ගංගා හේරත් මහත්මියගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා සංඥා බලකායේ නිලධාරීන් සහ සෙසුනිලයන් විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය සෙනසුරාදා (පෙබරවාරි මස 3) දින පවත්වන ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සහ එම ශාඛාවේ සාමාජිකයින් සමඟ එක්ව තෝරාගත් සෑම දරුවෙකුගේම නිවස වෙත පැමිණ ඩයපස් (diapers), කිරිපිටි, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ වායු මෙට්ට ද ලබාදෙන ලදී. ඇවිදීමට, කථනයට හා අධ්‍යාපනය ලැබීමට අපහසුතා සහිත ළමුන් 6 දෙනෙකු වෙත මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදී.