Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th February 2024 15:33:56 Hours

විශේෂ බලකා සේවා වනිතා ශාඛාව මඟින් විශේෂ බලකා මූලස්ථාන බලඇණියේ සිවිල් සේවකයින් සඳහා සුභසාධන වැඩසටහනක් පවත්වයි

විශේෂ බලකා සේවා වනිතා ශාඛාව විසින් විශේෂ බලකා මූලස්ථාන බලඇණියේ සේවය කරන සිවිල් සේවක කාර්ය මණ්ඩලය සඳහා අත්‍යාවශ්‍ය වියලි ආහාර සලාක සහ ඇඳුම් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පසුගිය ඉරිදා (පෙබරවාරි මස 4) දින සීදූව විශේෂ බලකා මූලස්ථාන බලඇණි කඳවුරේදී සිදුකරන ලදී.

මෙම අවස්ථාවට 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ විශේෂ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිවිපී ආර්එස්පී එන්ඩීසී, විශේෂ බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී අනෝජා පීරිස් මහත්මිය, සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.