Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th February 2024 15:27:07 Hours

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමිය ‘මිහිදු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සහ ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය පසුගිය බදාදා (ජනවාරි මස 31) දින අත්තිඩිය ප්‍රදේශයේ ස්ථාපිත ‘මිහිදු සෙත් මැදුර’ සුවතා නිකේතනයේ සංචාරයක නිරත වූවාය.

මෙම සංචාරයේදී ජානකි ලියනගේ මහත්මිය ‘මිහිදු සෙත් මැදුර’ නේවාසික රණවිරුවන් සමඟ සුහඳ පිළිසඳරක නිරත වෙමින් රණක්‍ෂිතයට පත් රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීමෙන් අනතුරුව ඔවුන් වෙත ත්‍යාග පාර්සල් ද පරිත්‍යාග කරනු ලැබීය.

මිහිදු සෙත් මැදුර සුවතා මධ්‍යස්ථාන පරිශ්‍රයේ අභිනවයෙන් ඉදිකරන ලද ආයුර්වේද ‘පංච කර්ම ප්‍රතිකාර මධ්‍යස්ථානය’ විවෘත කිරීම මිහිදු සෙත්මැදුර සේනාවිධායකතුමන්ගේ ආරාධනයෙන් ජානකී ලියනගේ මහත්මිය විසින් සිදුකරන ලදී. තවද, අධ්‍යාපනය හදාරන රණවිරුවකුගේ දරුවෙකු සදහා මුල්‍ය ආධාර සැපයිම වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානයක්ද එහිදී සිදුවිය.

යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මිය, ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන් එක්ව නේවාසික රණවිරුවන් වෙත තේපැන් සංග්‍රහයක් පිරිනැමීමෙන් අනතුරුව, සභාපතිනී සුවතා නිකේතන පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම නේවාසික රණවිරුවන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනීසිටියාය.

මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකාවන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් සහභාගී වූහ.