Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

07th February 2024 11:59:17 Hours

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව මඟින් ගුරු සිසු ප්‍රණාම උපහාර උලෙළක් සංවිධානය කරයි

සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාව තිස්සමහාරාම, වීරවිල විද්‍යාර්ථ මහා විද්‍යාලයේ ගුරුභවතුන් සහ පාසල් ළමුන් සඳහා ‘ගුරු සිසු ප්‍රණාම උලෙළ’ නමින් උපහාර උ‍ලෙළක් පසුගිය බදාද (ජනවාරි මස 24) පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස සන්නද්ධ බුද්ධි බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනී දිලූපා පීරිස් මහත්මිය සහභාගී විය. උත්සවය වර්ණවත් කරමින් වීරවිල විද්‍යාර්ථ මහා විද්‍යාලයේ සිසු සිසුවියන් තම දක්ෂතා ඉදිරිපත් කළහ.

උත්සව අවස්ථාවේදී පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සුවිශේෂී දක්‍ෂතා අගයමින් දිලූපා පීරිස් මහත්මිය විසින් ත්‍යාග ප්‍රදානය කිරීම මෙහි දී සිදු කෙරෙණි. තවද සිසුන්ගේ අභිවෘද්ධිය උදෙසා වීරවිල විද්‍යාර්ථ මහා විද්‍යාලයේ ගුරුභවතුන් දක්වන කැපවීම අගයමින් සභාපතිතුමිය ගුරුභවතුන් වෙත තිළිණ ප්‍රදානයක් ද සිදුකරනු ලැබීය.