Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

03rd February 2024 06:53:37 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවෙන් ගැබිණි මව්වරුන්ට අත්‍යවශ්‍ය ද්‍රව්‍ය පරිත්‍යාගයක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව මගින් කන්කසන්තුරේ ප්‍රදේශයේ පදිංචි ගර්භනී කාන්තාවන්ට සහ එම බලකායේ සේවය කරන සෙසු නිලයින් සහ සිවිල් සේවක මහතුන්ගේ පවුල්වල ගර්භනී කාන්තාවන් සඳහා අත්‍යවශ්‍ය ළදරු උපකරණ බෙදා දීමේ වැඩසටහනක් කන්කසන්තුරේ මයිලඩි හි පළාත් සෞඛ්‍ය පුහුණු මධ්‍යස්ථානයේදී පසුගිය බදාදා (ජනවාරි මස 17) පවත්වනු ලැබීය.

උත්සවයේදී ගැබිණි මව්වරුන් 14 දෙනෙකු වෙත පෝෂණීය ආහාර සලාක පාර්සල් සහ ළදරු උපකරණ බෙදා දෙන ලදී.

මෙම වැඩසටහන ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති සහ යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඒ.සී.ඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී ගේ සහ එම බලකා සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ප්‍රියන්තිකා ද සොයිසා මහත්මියගේ උපදෙස් මත සිදු කරන ලදී.

උත්සව අවස්ථාවට යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ.