Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st February 2024 18:43:06 Hours

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් ‘New Gunners’ Super’ සුපිරි වෙළඳසැල විවෘත කරයි

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාව විසින් පනාගොඩ පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආරම්භ කරනු ලැබූ ‘New Gunners’ Super’ සුපිරි වෙළඳසැල යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී ජානකී ලියනගේ මහත්මියගේ සුරතින් පසුගිය සෙනසුරාදා (ජනවාරි මස 20 ) දින විවෘත කරන ලදී. මෙම වෙලද සැල මගින් ආහාර, ලිපි ද්‍රව්‍ය සහ තවත් බොහෝ දෑ සහනදායි මිලකට ලබාගත හැක.

උත්සවයේ සමාරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති මේජර් ජෙනරල් බී.කේ.ජි.එම්.එල් රොද්‍රිගෝ ආර්එස්පී පීඑස්සී අයිජී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයින් සහ කාලතුවක්කු හමුදා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් සහභාගී වූහ.