Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා
සේවා වනිතා ඒකකය

01st February 2024 18:36:33 Hours

කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක්

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සුවිශේෂී දස්කම් දැක්වූ කමාන්ඩෝ රෙජිමේන්තුවේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන්ගේ සහ සිවිල් සේවක මහතුන්ගේ පාසල් අධ්‍යාපනය ලබන ළමුන් 20 දෙනෙකු සඳහා පාසල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් පසුගිය සිකුරාදා (ජනවාරි මස 26) දින සංවිධානය කරන ලදී. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නිමාලි රණතුංග මහත්මිය සහභාගී විය.

මේජර් ජෙනරල් පී.ජී.පී.එස් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී ගේ උපදෙස් මත මෙම වැඩසටහන පවත්වන ලද අතර, එහිදී නිමාලි රණතුංග මහත්මිය, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ කමාන්ඩෝ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් පාසල් උපකරණ ළමුන් වෙත බෙදා දෙන ලදී.